පර්යේෂකයෙකුට පර්යේෂණයක් සිදු කිරීම මගින් ලැබෙන ප්‍රතිලාභ රාශියකි. ඒ අනුව පර්යේෂකයෙකුට පර්යේෂණයක් සිදුකිරීම තුළින් ලැබෙන ප්‍රයෝජන නැතිනම් ප්‍රතිලාභ ප්‍රධාන කොටස් දෙකක් යටතේ පෙන්වාදිය හැකිය.
- පුද්ගලිකව ලැබෙන ප්‍රයෝජන
- ජාතික වශයෙන් ලැබෙන ප්‍රයෝජන
පුද්ගලික වශයෙන් ලැබෙන ප්‍රයෝජන ගත්විට ඒවා පර්යේෂකයන් සිදු කරන පර්යේෂණයන් අනුව තම තමන්ට ලැබෙන ප්‍රයෝජන වෙයි.
- පර්යේෂණ සාහිත්‍ය විවේචනාත්මකව කියවීම.
පර්යේෂණයක් සිදුකිරීම තුළින් පර්යේෂකයාට ලැබෙන ප්‍රයෝජනයක් වනුයේ සාහිත්‍ය රසයක් ලබා ගැනීමට හැකි වීමයි. ඉන් අදහස් කරනුයේ පර්යේෂකයාගේ පර්යේෂණ මාතෘකාවට අදාළ පර්යේෂණ ඉතිහාසය හැඳිනගෙන ඉහල ප්‍රමිතියක් සහිත පර්යේෂණ පත්‍රිකා තෝරා ගැනීම සහ එහි ප්‍රධාන ගැටළු විමර්ශනය කිරීමෙන් පර්යේෂණ හිඩස අවබෝධ කර ගැනීමට හැකි වීමයි. ඒ අනුව පර්යේෂණ ප්‍රශ්න සහ ශක්‍යතා උපන්‍යාස හඳුනා ගැනීම, ඒවායේ අර්ථ නිරුපනය කිරීමටද හැකිවීම තුළින් පර්යේෂකයාට සාහිත්‍ය විවේචනාත්මකව කියැවීමට අවස්ථාව උදාවේ. එමෙන්ම පර්යේෂණ සහිතය අධ්‍යනය මඟින් මෙතෙක් කරන ලද පර්යේෂණ තුළින් කිරීමට අවශ්‍ය පර්යේෂණ සුවිශේෂි කොට දැක්වීම, පර්යේෂණ මාතෘකාවට අදාළ වැදගත් විචල්‍ය සොයා ගැනීමට හැකිවීම, පර්යේෂණයට අදාළ නව පර්‍යයලෝක අත්කරදීම, සංකල්ප සහ භාවිතය අතර සහසම්බන්ධතාවය හඳුනාගැනීම ආදිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම හුදෙක් ස්වකීය පර්යේෂණ පිළිබඳ පුළුල් අවබෝධයකට වඩා වැඩි දැනුම් ප්‍රමාණයක් පර්යේෂකයාට අත්කර දීමක් සිදුවේ. අනෙක් අතට ප්‍රවීණ ඉංග්‍රීසි ශබ්දකෝෂවේදියෙකු වූ සැමුවෙල් ජොන්සන් පවසා ඇත්තේ ද
"ලේඛනයේ වෙනුවෙන් ලේඛකයකුගේ වැඩිම කාලය වැය වන්නේ කියවීම සඳහා බවයි"
යනුවෙනි. එනම් මින් ද පැහැදිලි වන්නේ පර්යේෂණයක් සිදු කිරීම මගින් පර්යේෂකයාට සාහිත්‍ය විවේචනාත්මකව කියවීමට හැකියාව ලැබෙන බවයි.
- උපකල්පිත සැකසීමට හැකිවීම.
පර්යේෂණයක් සිදු කිරීම තුළින් පර්යේෂකයෙකුට ලැබෙන ප්‍රතිලාභයක් වනුයේ උපකල්පිත සැකසීමට හැකිවීමයි . එනම් උපකල්පිත හෝ පරිකල්පනය කරන ලද අවස්ථාව හෝ හැකියාවන් පිළිබඳ සලකා බැලීමට හැකිවීමයි. විවිධ දෑ ගවේෂණය කිරීමට, තීරණය ගැනීමට හෝ ක්‍රියාමාර්ග ගැනීමට ගැටළු විසඳීමට මෙන්ම නිර්මාණාත්මක චින්තනය දියුණුවීම උපකල්පිත සැකසීම මගින් පර්යේෂකයාට ලැබෙන ප්‍රතිලාභ වේ.
- පර්යේෂණ සැලසුම් කිරීමට හැකිවීම.
පර්යේෂණ සැලසුම් කිරීමට හැකි වීමද පර්යේෂකයකුට ලැබෙන පුද්ගලික ප්‍රයෝජනයකි. පර්යේෂකයෙකුට තම පර්යේෂණ ප්‍රශ්න වලට පිළිතුරු දීමට හෝ කල්පිතයන් ඵලදායී ලෙස පරීක්ෂා කිරීමට සැලසුම් කිරීම තුළ පර්යේෂණ අධ්‍යයන ව්‍යුහය, ක්‍රමවේදය, දත්ත රැස් කිරීම, විශ්ලේෂණය පිළිබඳ දැනුම පර්යේෂණ සැලසුම් කිරීම තුළ පර්යේෂකයාට ලැබෙන ප්‍රයෝජනවලින් එකක් ලෙස පෙන්වාදිය හැකිය.
- දත්ත විශ්ලේෂණය කිරීමට හැකිවීම.
පර්යේෂකයෙකුට පුද්ගලිකව ලැබෙන තවත් ප්‍රතිලාභයක් වනුයේ දත්ත විශ්ලේෂණය කිරීම පිළිබඳව දැනුමක් ලබාගත හැකිවීමයි. එහිදී පර්යේෂණයට ප්‍රයෝජනවත් තොරතුරු උකහා ගැනීම, රටා හඳුනා ගැනීම සහ දැනුවත් තීරණ ගැනීම සඳහා අමුදත් පරීක්ෂා කිරීම ආදිය මෙන්ම නිගමනවලට එළඹීම, ගණිතමය හෝ පරිගණක ශිල්පිය ක්‍රම ආදිය පිළිබඳව දැනුමක් ලබා ගැනීමට හැකිවීම පර්යේෂකයකුට ලැබෙන තවත් පුද්ගලික ප්‍රතිලාභයකි. මීට අමතරව,
- දත්ත අර්ථ නිරූපණය කිරීම.
- ස්වයං ඉගෙනුම් අවස්ථාවන් හිමිවීම.
- විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගත හැකි වීම
- පර්යේෂණ මාතෘකාවට සම්බන්ධ වැදගත් කරුණු සොයා ගැනීමට හැකි වීම.
- පර්යේෂණ මාතෘකාවට අදාළව පවතින වැරදි සොයා ගැනීමට හැකිවීම.
- විෂය වටා ඇති ව්‍යාජ හිමිකම් හඳුනා ගැනීමට හැකිවීම.
- ලිපි ලිවීම පොත්පත් සහ වෙනත් ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීම.
- නව නිෂ්පාදන, මෙවලම්, ශිල්පක්‍රම, න්‍යායන්, ආකෘති පිළිබඳව දැනුම ලබාගත හැකි වීම.
- පර්යේෂණය කරනු ලබන විෂයට අදාළ පුද්ගලයන් පිළිබඳව අදහස් හා දැනුම පුළුල් වීම.
ආදී ප්‍රතිලාභ පර්යේෂණයක් සිදුකිරීම තුළින් පර්යේෂකයාට ලැබෙන පුද්ගලික ප්‍රතිලාභ වේ.
No comments:
Post a Comment